Home » බාලි සංගීත තරගාවලියෙන් ලංකාවට පදක්කම් 27 ක්

බාලි සංගීත තරගාවලියෙන් ලංකාවට පදක්කම් 27 ක්

by yasara
July 29, 2024 9:36 am 0 comment

13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ” සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ ” ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17 ක් , රිදී පදක්කම් 08 ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02 ක් දිනා ගෙන ඊයේ (28 රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සංගීත  තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඉකුත් 07/21 දින සිට 07/27 දින දක්වා ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

ඔවුන් මෙම ජයග්‍රහණ රැගෙන ඊයේ  රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා ” සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ ” කාර්යය මණ්ඩලය සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT