Sunday, May 11, 2025
Home » කෘත්‍රිම පාද පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

කෘත්‍රිම පාද පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

by chanaka
July 29, 2024 3:30 pm 0 comment

ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම පාද ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පසුගියදා(28) වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවෙහි සභාපතිනියගේ සංකල්පයකට අනුව ය.

විවිධ හේතූන් මත පාද අහිමි වු පුද්ගලයින්හට යහපත් අනාගතයක් උදාකර දීමේ අරමුණින් කොක්කඩිචෝලෙයි, මඩකලපුව, අම්පාර, පදියතලාව, වැලිකන්ද, සිංහපුර, පූනානි සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් තොරාගත් ආබාධිත සිවිල් පුද්ගලයින් විසිහය දෙනෙකුට මෙලෙස කෘත්‍රිම පාද ලබාදුන් අතර ඒ අතර පුනරුත්ථාපනය වූ හිටපුඑල්.ටී.ටී.ඊ. සමාජිකයින් පස් දෙනෙක්ද වූහ.

මෙම අවස්ථාවට ආඥාපති, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ශවාන්ත් කුලතුංග සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිණි, වරුණි කුලතුංග මහත්මි. සහභාගීවූ අතර “Colombo Friends In Need” සංගමයේ සහ Rotary Club of Capital City හි සාමාජිකයින් මෙම වැඩසටහනට සාර්ථක කර ගැනිම සදහා සිය සහයෝගය දැක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT