Home » ගංගා සෙනවිරත්නගේ ඔලිම්පික් සිහිනය බොඳව යයි

ගංගා සෙනවිරත්නගේ ඔලිම්පික් සිහිනය බොඳව යයි

by chanaka
July 29, 2024 3:27 pm 0 comment

පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහභාගී වූ මූලික වටයේ පළමු තරගයෙන් ජයගැනීමට හැකියාව ලැබුණි.

මීටර් 100 පසුපස ආර තරග ඉසව්ව නියෝජනය කළ ඇය මූලික වටයේ සහභාගී වූ පළමු තරගය ජයගත්තේ පළමුවැන්නා ලෙස විනාඩි එකයි තත්ත්පර 04යි දශම 26ක කාලයකින් එම ඉසව්ව අවසන් කරමින්ය.

කෙසේ වෙතත් ඇයට මෙම තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගැනීමට හැකියාව ලැබුනේ නැත.

ක්‍රීඩිකාවන් 36 දෙනෙක් මූලික වටයේ තරග 05ක් යටතේ මෙම තරග ඉසව්ව සඳහා ඉදිරිපත් විය.

එහිදී ගංගාට හිමි වුණේ 31 වන ස්ථානයයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 පසුපස ආර තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙක් සුදුකම් ලබාගත්තාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT