Home » මැතිවරණ කොමිසම හදිසියේ රැස්වෙයි – වැදගත් කරුණු රැසක් අවධානයට

මැතිවරණ කොමිසම හදිසියේ රැස්වෙයි – වැදගත් කරුණු රැසක් අවධානයට

by chanaka
July 30, 2024 1:48 pm 0 comment

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) පෙරවරුවේ පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා ඇත.

එම රැස්වීමේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බව අනාවරණය වේ.

එහිදී ප්‍රධාන වශයෙන් පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තාවේ.

මීට අමතරව මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳවත් එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT