Tuesday, May 6, 2025
Home » චීන කොමියුනිස්ට් පක්ෂය රටේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කරයි

චීන කොමියුනිස්ට් පක්ෂය රටේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කරයි

by chanaka
July 30, 2024 9:16 pm 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂය රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා ඉදිරි සැලසුම් විශ්ලේෂණය කරයි.  චීන කොමියුනිස්ට් පක්ෂයේ, දේශපාලන කාර්යාංශයේ එම රැස්වීම ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං අගනුවර දී අද (30) පැවැත්විණ.

ඉදිරි කාර්තු දෙකේ ආර්ථික සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. වසර ආරම්භයේ සිට මේ දක්වා රටේ ආර්ථීක පැවැත්ම සමස්ත වශයෙන් ස්ථාවර වී ඇති අතර, එය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාව ද ප්‍රශස්ත මට්ටමක පවතී.

පරිභෝජනය ඉහළ නැංවීම,  ඉහළ මට්ටමේ විවෘතභාවය සහතික කිරීම සහ රටේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීම යන කරුණු කෙරෙහි එම රැස්වීම පුළුල් අවධානය යොමුකර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT