Wednesday, May 7, 2025
Home » චීනයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර හිමිකාරිත්වයේ කැපීපෙනෙන වර්ධනයක්

චීනයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර හිමිකාරිත්වයේ කැපීපෙනෙන වර්ධනයක්

by chanaka
July 30, 2024 9:18 pm 0 comment

චීනය මේ වනවිට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර 378 000 කට හිමිකම් කියයි.‍ 2023 වසර වන විට වාර්තා වූ මෙම සංඛ්‍යාව 2022 හා සැසඳීමේ දී  40% කට අධික වර්ධනයක් බව චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පෙන්වා දෙයි.

චීනයේ මෙම හිමිකම් අනුපාතය, එම අංශයේ ගෝලීය වශයෙන් පවතින සාමාන්‍ය අගය ද ඉක්මවා ඇති බව අදාළ දත්ත වාර්තාවන්හි දැක්වේ.

කෘත්‍රිම බුද්ධි කර්මාන්තය චීන ඩිජිටල් ආර්ථිකයේ නව නිපැයුම් ගම්‍යතාව ඉහළ නැංවීමට ද තුඩු දී ඇත. පසුගිය වසරේ චීන ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්තවලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබුණු දායකත්වය 10% කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT