Home » ඡන්ද පැමිණිලි භාරගන්න පොලිසිවල කාර්යාල අරඹයි

ඡන්ද පැමිණිලි භාරගන්න පොලිසිවල කාර්යාල අරඹයි

by sachintha
July 30, 2024 12:34 am 0 comment

 

මෙරට සියලුම පොලිස් ස්ථානවල සහ පොලිස් අධිකාරී කාර්යාලවල මැතිවරණ අංශ ස්ථාපිත කරන ලෙස මැතිවරණ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරීවරු ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙමින් පොලිස් පණිවුඩයක් නිකුත් කර ඇත. ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි භාරගැනීම විමර්ශනය කිරීම මෙන්ම මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමද සිදුවන්නේ මෙම අංශයෙනි. මෙම අංශවලට පොලිස් ස්ථානයේ දැනට සේවයේ නිරත නිලධාරීන් යොදා ගන්නා බවත් ඒ සෑම අංශයකටම ස්ථානාධිපතිවරයෙක් පත්කරනු ලබන බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය. “මේක අලුත් දෙයක් නෙමෙයි. සෑම මැතිවරණයකදීම සිදුවන ක්‍රියාපිළිවෙළක්” මේ සම්බන්ධයෙන් කළ විමසුමේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා පැවැසීය. මෙම අංශය පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙක්, සැරයන්වරයෙක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙකුගෙන් සහ කොස්තාපල්වරියකගෙන් සමන්විත විය යුතු බව ද අසංක කරවිට මහතා කර ඇති දැනුම්දීමෙහි සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT