Home » ලොව රටවල් 67කට නොමිලේ වීසා දෙන යෝජනාව කැබිනට්ටුවට

ලොව රටවල් 67කට නොමිලේ වීසා දෙන යෝජනාව කැබිනට්ටුවට

by sachintha
July 30, 2024 12:35 am 0 comment

සංචාරක ආකර්ෂණය අතින් ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණු කරගෙන ලොව රටවල් 67ක් සඳහා නොමිලේ වීසා නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් වන යෝජනාව මේ සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා. ‌අර්බුදයක් තිබුණනේ වීසා සම්බන්ධයෙන් සමාගමකට දීලා වුණු එකෙන්. නමුත් අපි දැන් රටවල් 67කට නොමිලේ වීසා ලබා දෙන්න කටයුතු කරනවා. අපේ තරගකාරී වෙළෙඳපළ ගත්තොත් ගොඩක් රටවල් තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වෙනවා. රටවල් 80කට 90කට වගේ නොමිලේ වීසා දෙනවා. ඒක කට්ටියට දවස් 30, දවස් 30 පනින එක ප්‍රශ්නයක් නැහැ.

දවස් 30 ඇතුළතනේ වැඩි හරියක් සංචාරකයෝ එන්නේ. ඒ කියන්නේ දවස් 30 වීසා එක අරගෙන. ඒක අපි නොමිලේ ලබා දෙන්න කියලා, දැනටමත් රටවල් 7කට නොමිලේ වීසා ලබා දෙනවා. ඒ කියන්නේ ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, තායිලන්තය වගේ රටවල් 7කට දෙනවා. අපි ඒක 67ක් යෝජනා කරලා ති‍ෙයනවා. මම හිතන්නේ ඒක මේ සතියේ කැබිනට් එකටත් යෝජනාවක් හැටියට යනවා.

ඒක වුණොත් මම හිතන්නේ ඇත්තටම තවත් මේ නම්බර්ස් වැඩි කරගන්න පුළුවන් කියලා අපි හිතනවා යැයි මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා කීවේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT