Thursday, May 15, 2025
Home » ඇන්ටිබයොටික් ගයිඩ්ලයින් පොත එළිදැක්වීම අද

ඇන්ටිබයොටික් ගයිඩ්ලයින් පොත එළිදැක්වීම අද

by sachintha
July 30, 2024 12:36 am 0 comment

ප්‍රතිජීවක ඖෂධ භාවිතය සම්බන්ධයෙන් නවතම මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (30) සිදු කරන බව… පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා “දිනමිණ“ට ඊයේ (29) පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව මෙම සංග්‍රහය නිකුත් කරන අතර සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම එළිදැක්වීම සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. ප්‍රතිජීවක ඖෂධ භාවිතය සම්බන්ධයෙන් වසර 2016දී මාර්ගෝපදේශ සංග්‍රහයක් එළිදැක්වූ අතර මෙම නවතම එළිදැක්වීම මඟින් වර්තමානයේ දී භාවිතයට ගැනෙන ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු කරයි. ප්‍රතිජීවක ඖෂධ නිසි උපදෙස් නොමැතිව භාවිත කිරීමෙන් ඖෂධවලට ප්‍රතිරෝධය දැක්වීම සිදු වන අතර එය භයානක තත්ත්වයක් බව ද ඒ මහතා පැවසුවේය. ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමේ දී සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් ද යොමු විය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT