Thursday, May 15, 2025
Home » කළුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක වෙල්ගම ගුණසිරි හිමියන්ගේ මව මිය යයි

කළුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක වෙල්ගම ගුණසිරි හිමියන්ගේ මව මිය යයි

by sachintha
July 30, 2024 1:00 am 0 comment

මතුගම, ඉද්දගොඩ පදිංචිව සිටි තුඩුගලගේ දෝන කුසුමාවතී මාතාව ආභාවප්‍රාප්ත වුවාය. මිය යනවිට 79 වැනි වියේ පසු වූ එම මාතාව බටුවන්ගල කාරියකරණගේ රත්නපාල මහතාගේ දයාබර භාර්යාව වන අතර කළුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක හා මතුගම ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී වෙල්ගම ගුණසිරි හිමියන් ඇතුළු පුතුන් සිව් දෙනකුගේ සහ දියණියන් පස්දෙනකුගේ ආදරණීය මවක වුවාය. දේහය මතුගම ඉද්දගොඩ නිවසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර අවසන් ආගමික වතාවත් අද (30 ) සවස 2.30 ට නිවසේදී සිදුකර දේහය පිළිබඳ අවසන් කටයුතු සවස 5ට මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදු කෙරේ.

මතුගම සමූහ බී.ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT