Thursday, May 15, 2025
Home » රට ගොඩගත් ජනපති රනිල් නැවතත් ජනපති විය යුතුමයි

රට ගොඩගත් ජනපති රනිල් නැවතත් ජනපති විය යුතුමයි

-එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ

by sachintha
July 30, 2024 12:52 am 0 comment

ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු රට අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකින් නැවත ගොඩනැඟීමට හැකියාව ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම, පළපුරුද්ද, අත්දැකීම සහ බුද්ධිමත්භාවය උපයෝගී කරගෙන නිවැරදි තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා බව එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ “රනිල් වික්‍රමසිංහ මහතා නැවත අප රටේ ජනාධිපති කළ යුත්තේ ඇයි” යන මැයෙන් මාධ්‍ය දැනුම්වත් කරමින් කොළඹ පැවති වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“අපේ රටේ මීට වසර දෙකකට පෙර ජනතා අරගලයක් මතු වුණා. එය ප්‍රචණ්ඩත්වය කරා පියනැඟුවා. රට අරාජික වුණා. හිටපු ජනාධිපතිවරයා තනතුරින් ඉවත් වුණා. නව තනතුර භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා. ඒ මහතා අභියෝගය භාරගෙන රටේ පැවති ආර්ථික අර්බුදයෙන් යම් තරමකට ගොඩඒමට සමත්වී තිබෙනවා. අද තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය විසන්ධි වීම් නෑ. සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කළා. එසේ කිරීමට හැකි වුණේ ජනාධිපතිවරයාගේ තිබූ දැනුම, අවබෝධය, බුද්ධිමත්භාවය මත ගත් තීන්දු තීරණ නිසයි.

රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙනැවිත් මේ වන විට සංවර්ධනය, සුබසාධනය පවා ඇති කොට තිබෙනවා. නතරවී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් පටන් ගන්නවා. ‘අස්වැසුම’ සහනාධාර දෙනවා. ‘උරුමය’ ඉඩම් ඔප්පු දෙනවා. ඊට අමතරව නව ආයෝජන ගෙන ඒමට අත්‍යවශ්‍ය නීති රීති අණපනත් අනූවකට වඩා ගෙනාවා. මේ සියල්ල හරහා රට නැවත ආර්ථික වර්ධනයක් ඇති කර ගනිමින් ඉදිරියට යන තැනට යොමු කර තිබෙනවා. ඒ නිසා නැවත රටේ ජනාධිපති බවට පත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාමයි.”

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT