Home » බසයක් එනතුරු බස් නැවතුම්පොළේ සිටි හීන්අම්මා වෑන් රියට බිලි

බසයක් එනතුරු බස් නැවතුම්පොළේ සිටි හීන්අම්මා වෑන් රියට බිලි

by sachintha
July 30, 2024 12:26 am 0 comment

තම වැඩිමහල් පුතාගේ මුනුපුරා සමඟ බස් රථයක් එනතුරු බස්නැවතුම්පොළේ සිටි සිව්දරු මවක් වෑන් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති අතර ඇය සමඟ සිටි පස් හැවිරිදි වියේ පසුවන දරුවාගේ ජීවිතය හාස්කමකින් මෙන් බේරුණු පුවතක් කටුගස්තොට පොලිස් වසමේ බාන්වැල්ගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

කටුගස්තොට, ගොහාගොඩ මාර්ගයේ ලියන්ගස්තැන්න පුරාණ විහාරය අසලදී පසුගිය 26 වැනිදා ප.ව. 06.30ට පමණ මෙම රිය අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවා ලැබූ බී.ජී. හීන්අම්මා නමැති 78 හැවිරිදි වියේ පසුවන කාන්තාව මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කර සුළු වේලාවකින් මිය ගොස් තිබේ.

විවාහ මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථය රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අසල පිහිටි නිවෙසක තාප්පයක් හා ගේට්ටුවක් ද කඩාගෙන ගොස් මිය ගිය කාන්තාවගේ හා දරුවාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT