Saturday, May 10, 2025
Home » කොළඹ වාහන පාකින්වලට අලුත් ක්‍රමවේදයක්

කොළඹ වාහන පාකින්වලට අලුත් ක්‍රමවේදයක්

by chanaka
July 31, 2024 10:50 am 0 comment

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි.

ඒ අනුව එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බව එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා සදහන් කරයි.

මෙම ක්‍රමවේදය මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදු වන බවත් රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් කොළඹ මහ නගර සභාව පවසයි.

රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දැනට පවතින මාර්ගවල කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන ක්‍රමය වෙනුවට අපි දැන් යම්කිසි කලාපයක් සඳහා කොන්ත්‍රාත්තුවක් එන විදියට කටයුතු සිදුකරමින් පවතිනවා. බොහෝවිට තව මාස 3ක් වගේ ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඒ කලාපය තුළ රථ වාහන ගාල් භාවිත කරන පාරිභෝගිකයින්ට වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද දැනට එක මාර්ගයක රථ නවත්තලා ආසන්නම කාලයේ තව කාලයක් ඉතිරිවෙලා තිබිලා ගාල් කළොත් ඒ ටිකට් එකම භාවිත කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. කලාපය තුළ ක්‍රියාත්මක කිරීමේ දී රියදුරන්ට වාසියක් ලැබෙනවා අදාළ කලාපය තුළ පැයක් වගේ ඇතුළත ස්ථාන දෙක තුනක වුණත් ගාල් කිරීමට හැකියාව ලැබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT