Saturday, May 10, 2025
Home » සරසවි කඩඉම් ලකුණු ගැන දැනුම් දීමක්

සරසවි කඩඉම් ලකුණු ගැන දැනුම් දීමක්

by chanaka
July 31, 2024 11:09 am 0 comment

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති බවය.

කෙසේවෙතත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් ඒ සඳහා යම් බාධා මතුව ඇති බව වාර්තා වේ.

එම කොමිසම සඳහන් කරන්නේ ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල කිහිපයකින් ඒ සඳහා නිලධාරීන් පත් කිරීමට පියවර ගන්නා බවය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 43000කට අධිකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT