Home » අධික තරබාරුවෙන් මිය ගිය බලු සුරතලාගේ ස්වාමි දුවට මාස දෙකක සිරදඬුවම්

අධික තරබාරුවෙන් මිය ගිය බලු සුරතලාගේ ස්වාමි දුවට මාස දෙකක සිරදඬුවම්

by sachintha
July 31, 2024 12:37 am 0 comment

අධික ලෙස තරබාරු වීම හේතුවෙන් සුනඛයකු රෝගීව මිය යෑම සම්බන්ධව චෝදනා එල්ල වූ එම බලු සුරතලා හදා වඩා ගත් කාන්තාවට මාස දෙකක සිරදඬුවම් නියම වීමේ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වේ. ‘නගී‘ නමැති මේ බලු සුරතලා මිය යන විට උගේ බර කිලෝ ග්‍රෑම් 53 දක්වා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිරදඬුවමට අමතරව ඇයට නවසීලන්ත ඩොරල් 1,222ක දඩ මුදලක් ද (අමෙරිකානු ඩොලර් 720ක) නියම කර ඇතැයි වාර්තා වේ.

මීට වසර තුනකට පෙර නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පොලිසිය විසින් සොයා ගන්නා විට ඇවිදීමට පවා අපහසු තත්ත්වයක පසුවූ බව කියන එම බලු සුරතලාගේ මරණය සම්බන්ධව අදාළ කාන්තාවට අධිකරණයේ නඩු පවරා ඇත්තේ එරට සත්ව සුබසාධන ආයතනයක් විසින් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT