Tuesday, May 13, 2025
Home » ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය

by sachintha
July 31, 2024 12:54 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීම කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණදෙන ගැටලු පිළිබඳ කරුණු අධ්‍යයනය කර ඇමැති මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ඇමැති මණ්ඩල අනුකමිටු වාර්තාවේ නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 වැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව එම කමිටුව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබ තිබේ. යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT