පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (30) ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.ඉදිරි ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ පළමු රැස්වීම ඊයේ (30) රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත්වුණු අතර එහිදී ගනු ලැබූ තීරණයකට අනුව මේ ලිපිය යොමු කළ බව ඒ මහතා ‘දිනමිණට’ පැවැසීය. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ එම රැස්වීමේදී විශේෂ අවධානය යොමුව ඇත.
එහි ප්රධාන කරුණ ලෙස පොලිස්පතිවරයකු නැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණු අතර මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳ එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු කොමසාරිස්වරුන් සහ කොමිසමේ ඉහළ නිලධාරීහු ඊට එක් වූහ.
සුභාෂිණී සේනානායක