පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්රකාශ කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන විට ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය පිළිබඳ කථානායකවරයාත් අග්ර විනිශ්චකාරවරයාත් විසඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්රකාශ කර තිබිණි.
කෙසේ වුවද මේ ගැන ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි වහාම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් විශේෂ හමුවක් පැවැත්වීමට අපේක්ෂිතය.
ගයාන් කුමාර වීරසිංහ