Home » පොලිස් කොමිසම නීතිපතිගෙන් උපදෙ ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත ස් පතයි
පොලිස්පති ධුරය පිරවීම

පොලිස් කොමිසම නීතිපතිගෙන් උපදෙ ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත ස් පතයි

by sachintha
July 31, 2024 12:58 am 0 comment

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන විට ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය පිළිබඳ කථානායකවරයාත් අග්‍ර විනිශ්චකාරවරයාත් විසඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද මේ ගැන ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ හමුවක් පැවැත්වීමට අපේක්ෂිතය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT