Saturday, May 10, 2025
Home » පොල් වගාවේ ගැටළු 1916 ට කියන්න

පොල් වගාවේ ගැටළු 1916 ට කියන්න

by chanaka
July 31, 2024 11:25 am 0 comment

පොල් වගාවේ ගැටළු ලබන සඳුදා සිට ක්ෂණික දුරකථන අංක 1916 ට කියන්නැයි පොල් වගාකිරීමේ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව පොල් වගාවට අදාල කවර ගැටළුවක් පිළිබඳව වුවද විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා සිට (අගෝස්තු මස 05) හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම ක්ෂණික දුරකථන අංකය 1916 වේ.

ඒ අනුව මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටළුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටළු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරින් සූදානම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT