Home » ගාල්ල මහින්දයේ රන්දුල 155යි නිහිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්
17න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

ගාල්ල මහින්දයේ රන්දුල 155යි නිහිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්

by sachintha
July 31, 2024 12:27 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව පැවති තරගය පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 145කින් ජය ගැනීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය.

මේ සමඟ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මහින්ද විදුහල සමත් වූ අතර, මේ තරගයේදී මහින්ද විදුහල වෙනුවෙන් වමත් ආරම්භක පිතිකරු රන්දුල මාබරණ පන්දු 150කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 155ක් රැස් කිරීමට සමත් විය. මහින්ද විදුහල් ඉනිම ඇරඹූ ඔහු තම ඉනිමේ පන්දුවාර 50ම නිමාවන තුරු නොදැවී සිටිමින් මෙම දස්කම කිරීම කැපී පෙනිණි.

මේ තරගයේදීම මහින්ද විදුහලේ වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක නිහිඳු සේසිත පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.

ගාල්ල මහින්ද – 287/4 (ඕවර 50) රන්දුල මාබරණ නොදැවී 155, දුල්සිත් දර්ශන 43, සෙහස් ආශිංස 31 (කණිෂ්ක දහනායක 54/2)

මහනුවර කිංග්ස්වුඩ් – 112 (ඕවර 27.3) යොසත් අබේකෝන් 26, හංසන කොඩිතුවක්කු 24 (නිහිඳු සේසිත 17/4, කවීෂ ගිත්මල් 23/3)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT