Tuesday, May 13, 2025
Home » බස්-ලොරි අනතුරක් – 05ක් රෝහලේ

බස්-ලොරි අනතුරක් – 05ක් රෝහලේ

by chanaka
August 2, 2024 10:52 am 0 comment

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණට වැදී අද (02) අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙන බව ලිඳුල පොලීසිය සදහන් කරයි.

නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් බස් රථයක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

පැවැති වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT