188
2017-2020 කාලයේ හොඳම නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප්රදානය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (01) පැවැත්විණි.
මේ ජනාධිපති සම්මාන උලෙළ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධාන කර තිබිණි. රාජ්‍ය ඇමැතිවරුන් වන අරවින්ද් කුමාර්, විජිත බේරුගොඩ, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ ආයතනයේ කොමසාරිස් සිරිල් සුදුවැල්ල මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.