Home » වෙසක් සිරි අසිරි-2024 ජය­ග්‍රා­හ­ක­යන්ට ත්‍යාග

වෙසක් සිරි අසිරි-2024 ජය­ග්‍රා­හ­ක­යන්ට ත්‍යාග

by Gayan Abeykoon
August 2, 2024 1:03 am 0 comment

අමා­ත්‍යාං­ශයේ ලේකම් එච්. එම්. බී. හේරත් විසින් ජය­ග්‍රා­හි­කට සහ­තික පත ප්‍රදා­නය කළ අයුරු. පසෙ­කින් ප්‍රවීණ ඡායා­රූප ශිල්පි කුමාර එදි­රි­සූ­රිය මහතා ද සිටී.

රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශක සභාව විසින් වසර තුන­කට පසු සංවි­ධාන කරන ලද වෙසක් සිරි අසිරි – 2024 ඡායා­රූප තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන් ත්‍යාග පිරි­නැ­මීම සහ ඡායා­රූප ප්‍රද­ර්ශ­නය පසු­ගිය 31 වැනිදා කොළඹ කෞතු­කා­ගාර නව ප්‍රද­ර්ශන ශාලා­වේදී බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් එච්. එම්. බී. හේරත් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

එම නිර්මාණ හිමි­ක­රු­වන්ට සහ­තික පත් ප්‍රදා­නය අමා­ත්‍යාංශ ලේකම් එච්. එම්. බී. හේරත්, සංස්කෘ­තික අධ්‍ය­ක්ෂකා යෂින්තා ගුණ­ව­ර්ධන සහ සහ­කාර අධ්‍යක්ෂ කසුන් සේනා­රත්න, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­පති ආචාර්ය ප්‍රනීත් අභ­ය­සු­න්දර මහත්ම මහ­ත්මීන් අතින් සිදු විය.

වසර 03කට ආසන්න කාල­යක නිහැ­ඬි­යා­වෙන් පසු රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශක සභාවේ නව පරි­පා­ල­නය විසින් ආරම්භ කරන ලද වැඩ­ස­ට­හනේ ප්‍රථම පිය­වර මෙය වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT