Home » ගාසාහි ළමා අර­මු­ද­ලට තවත් පරි­ත්‍යාග එපා

ගාසාහි ළමා අර­මු­ද­ලට තවත් පරි­ත්‍යාග එපා

ජන­පති කාර්යා­ලය ඉල්ලයි

by Gayan Abeykoon
August 2, 2024 1:04 am 0 comment

ගාසා තීරයේ පවත්නා යුද­මය තත්ත්වය හේතු­වෙන් අව­තැන්ව සිටින දරු­වන්ගේ මූලික අව­ශ්‍යතා සැප­යී­මට අවශ්‍ය මූල්‍යා­ධාර ලබා­දීම වෙනු­වෙන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සංක­ල්ප­යක් අනුව පිහි­ටු­වන ලද “ගාසා හි ළමා අර­මු­දල (Children of Gaza Fund)” සඳහා තව­දු­ර­ටත් පරි­ත්‍යාග යොමු නොක­රන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය මහ­ජ­න­තා­වට දැනුම් දෙයි.

එම අර­මු­දල සඳහා දායක වීමේ අව­ස්ථාව ඉකුත් 31 වැනිදා අව­සන් වී තිබෙන බැවින් එම දිනට පසු ලැබෙන පරි­ත්‍යාග ජනා­ධි­පති කාර්යා­ලයේ නිල බැංකු ගිණු­මට ප්‍රේෂ­ණය කළ­හොත් ඒවා සමාජ සත්කා­රක වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නැංවීම සඳහා ජනා­ධි­පති අර­මු­දල වෙත බැර කිරී­මට කට­යුතු කරන බව ද දැනුම් දෙයි.

රාම­සාන් මාසය තුළ මෙම අර­මු­දල වෙනු­වෙන් දායක වන ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජන­තා­ව­ගෙන් කළ ඉල්ලී­මට අනුව දිව­යින පුරා විශාල ජන­තා­වක් ජාති, ආගම් භේද­ය­කින් තොරව ඒ සමඟ අත්වැල් බැඳ­ගනු ලැබීය. ඒ අනුව තව­දු­ර­ටත් අර­මු­ද­ලට දායක වීමට අව­ස්ථාව ලබා දෙන ලෙස ජන­තා­ව­ගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය 2024 මැයි 31 වැනි දින තෙක් දීර්ඝ කෙරිණි.

අර­මු­දල සඳහා දායක වීමේ දිනය 2024 මැයි 31 දිනෙන් අව­සන් වුවද පරි­ත්‍යා­ග­ශී­ලීන් විසින් මෙම අර­මු­දල සඳහා තව­දු­ර­ටත් මුදල් තැන්පත් කිරීම සිදු කරන බව නිරී­ක්ෂ­ණය වී ඇත.

අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන මෙවර ඉෆ්තාර් සැම­රුම පැවැ­ත්වී­මට වෙන් කර තිබූ ප්‍රති­පා­ද­න­ව­ලින් මෙම අර­මු­ද­ලට ලැබුණු අමෙ­රි­කානු ඩොලර් මිලි­ය­න­යක් පළමු අදි­යර යටතේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­ත­නය හරහා පල­ස්තීන රජය වෙත භාර­දුන් අතර 2024 ජූලි 31 දක්වා ලැබුණු සියලු පරි­ත්‍යාග ඉදි­රි­යේදී නිල වශ­යෙන් පල­ස්තීන රජය වෙත භාර­දී­මට නිය­මිත බව ද ජනා­ධි­පති කාර්යා­ලය පව­සයි.

මේ අතර මෙම අර­මු­දල සමඟ මානු­ෂි­ක­ත්ව­යෙන් අත්වැල් බැඳ­ගත් සියලු ජන­තා­වට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සහ ජනා­ධි­පති කාර්යා­ලයේ ස්තූතිය පිරි­නමා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT