තම ඡායාරූපය යොදාගනිමින් ඕනෑම අයකුට මැතිවරණ ප්රචාරක කටයුතු කිරීම සඳහා කිසිඳු බාධාවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු බහුතරයක් පසුගිය කාලයේ මැතිවරණ කටයුතු සඳහා තම ඡායාරූපය යොදාගත් බව සිහිපත් කරන ඒ මහතා ඉදිරියට ද තම ඡායාරූපය යොදාගන්නේ නම් ඒ සඳහා කිසිඳු තහනමක් නොමැති බව ද පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (01) පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මේ අවස්ථාවට කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මාතලේ, මහනුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා පොළොන්නරුව පළාත් පාලන නියෝජිතයින් සහභාගී වී සිටියහ. පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යන නමුත් අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බව සඳහන් කළ ඒ මහතා, මේ වන විට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පක්ෂය තීන්දු කරන තිබෙන බව ද පෙන්වා දුන්නේය. තම පක්ෂයට අවශ්‍ය වන්නේ ජයග්‍රහණය බව පෙන්වාදුන් ඒ මහතා, මේ වන විට පක්ෂය ගෙන තිබෙන තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද ඒ පිළිබඳ පක්ෂය යම්කිසි වෙනසක් කරන්නේ නම් තමා ඊට එකඟවන බව ද පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.