Home » පොහො­ට්ටුවේ හැමෝ­ටම ශ්‍රීල­නි­පයේ මහ­ගෙ­ද­ර විවෘ­තයි

පොහො­ට්ටුවේ හැමෝ­ටම ශ්‍රීල­නි­පයේ මහ­ගෙ­ද­ර විවෘ­තයි

by Gayan Abeykoon
August 2, 2024 1:04 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

පොහො­ට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ගෙ­ද­රට පැමි­ණී­මට දොර­වල් විවෘත කර ඇති බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති මහින්ද අම­ර­වීර මහතා පැවැ­සීය.

සියලු පොහොට්ටු මන්ත්‍රී­ව­රුන්ගේ මහ­ගෙ­දර ශ්‍රීල­නි­පය බවත් දරු­වන්  සුළු දේවල් නිසා අම­නාප වුවද මවු­පි­යන් මහ­ගෙ­දර දොර දරු­වන් වෙනු­වෙන් නිර­තු­රු­වම විවෘ­තව තබන බව ද අම­ර­වීර මහතා කීය.

ඇමැ­ති­ව­රයා මේ අද­හස් පළ කළේ ඊයේ (01) කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ පැවැති උත්ස­ව­ය­කදී මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේද පැවැ­සීය.

“පොහොට්ටු මන්ත්‍රී­ව­රුන්ගේ මහ­ගෙ­දර ශ්‍රීල­නි­ප­යයි. දරුවෝ පොඩි පොඩි දේව­ල්ව­ලට තරහ වුණාට අම්මලා තාත්තලා මහ­ගෙ­දර දොර­වල් වහන්නේ නැහැනේ. ඒ වගේ පොහො­ට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ගෙ­ද­රට එන්න අපි දොර­වල් විවෘත කර තිබෙ­නවා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පාර්ශ්ව කීප­යක් නෑ. ඒක පළ­මු­වෙ­නි­ය­ටම කියන්න ඕනෑ. නිල වශ­යෙන්ම අධි­ක­රණ තීන්දු සිය­ල්ලම අනුව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තිබෙන්නේ එක පාර්ශ්ව­යයි. ඒ අපේ පාර්ශ්වය. මම දැක්කා සම­හර මාධ්‍ය තමයි පාර්ශ්ව කියලා බෙදා තිබෙන්නේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT