Sunday, May 11, 2025
Home » ඇප තැබූ පිරිස 14 ක් දක්වා ඉහළට

ඇප තැබූ පිරිස 14 ක් දක්වා ඉහළට

by chanaka
August 2, 2024 7:52 pm 0 comment

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 14 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ පුජ්‍ය අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ.

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදාත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම අගෝස්තු මස 15 වැනිදාත් සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT