Home » රාලලා රොට­වැව ගමට වන­අලි කඩා වැදී ගොවි­බිම් වන­සයි
බල­ධා­රීන් නිහ­ඬයි - ගොවිහු කියති

රාලලා රොට­වැව ගමට වන­අලි කඩා වැදී ගොවි­බිම් වන­සයි

by Gayan Abeykoon
August 2, 2024 1:03 am 0 comment

ගලේ­වෙල මධ්යම සමූහ - පී.ජී. ගුණ­ති­ලක

ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ රාලලා රොට­වැව ගමට පසු­ගිය 26 වැනි­දින කඩා වැදුණු වන­අලි රංචු­වක් ගොවීන්ගේ පොල් ඇතුළු අති­රේක භෝග රැස­කට හානි­කර ගොස් ඇති බව වාර්තා වේ.

නිත­රම වන­අ­ලින්ගේ තර්ජ­න­යට ලක්වී ඇති මෙම ගොවි­බිම් ආරක්ෂා කර ගැනීම සඳහා බල­ධා­රීන් කිසි­වෙක් මෙතෙක් කිසිම ක්‍රියා­මා­ර්ග­යක් ගෙන නැති බව ගොවීහු පව­සති. මේ පිළි­බ­ඳව ගොවීහු කිහි­ප­දෙ­නෙක් මෙසේ අද­හස් දැක්වූහ.

ඒ.ජී.එච්.එස්. බණ්ඩාර (55) රාලලා රොට­වැව, මොර­ගොල්ල “පසු­ගිය 26 වැනි දින රාත්‍රී අක්කර දෙක­කින් පමණ යුත් පොල් ඉඩ­මට කඩා වැදුණු අලි රංචු­වක් එහි තිබූ පොල් ගස් 20ක් පමණ ගොබ ඇද කා විනා­ශ­කර ගොස් තිබුණා. අපි බොහොම දුක් මහ­න්සි­යෙන් වගා­කර රැක­ගත් මෙම පොල්ග­ස්වල වයස අවු­රුදු 06ක් 07ක් වෙනවා. එසේ රැක­ගත් මෙම පොල්ගස් වන­අලි ඇවිත් එක රැය­කින් විනාශ කරන විට කොහොම ඉව­ස­න්නද? මෙහෙම ගියොත් අපේ දරු මල්ලන්ට පොල්ගෙ­ඩි­ය­ක්වත් කන්න ලැබෙන්නේ නෑ. ඉදි­රි­යේදී ඉතුරු පොල් ගස් ටිකත් අලි ඇවිත් විනාශ කළොත් වග කියන්නේ කවුද? අලි­වැට නිසි­ලෙස නඩත්තු නොකි­රීම නිසා මේ තත්ත්වය උදාවී තිබෙ­නවා. ඊට වන­ජීවී නිල­ධා­රීන් වග­කිව යුතුයි. ඒ නිසා අපේ ගොවි­බිම් ආරක්ෂා කර­දී­මට වහා පිය­වර ගන්නා ලෙස බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා.”

කැලුම් තුෂාර යාපා (44) රාලලා රොට­වැව, මොර­ගොල්ල- “මගේ නිවෙස අසල ඇති වට්ටක්කා හේන රැක­බලා ගන්නේ මමයි. පසු­ගිය 26 වැනි දින රාත්‍රී වන­අලි රංචු­වක් ඇවිත් වට්ටක්කා හේනට ඇතුළු වුණා. වන­අලි කඩා­වැ­දුණු ශබ්දය මට ඇසුණු නිසා අපි වහා උන් පලවා හැරියා. එහෙත් ඉදිරි දින­ය­කදී උන් යළි පැමිණ වට්ටක්කා හේන විනාශ කිරීමේ අන­තු­රක් තිබෙ­නවා. වන­ජීවී නිල­ධා­රීන් විසින් අලි වැට නිසි ලෙස නඩත්තු නොකි­රීම මීට හේතු­වයි. අපේ භව­භෝග ආරක්ෂා කර දීමට වහා පිය­වර ගන්නා ලෙස අදාළ බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා.”

ශ්‍රියානි මල්ලිකා (63) රාලලා රොට­වැව, මොර­ගොල්ල- “මගේ මංඤ්ඤොක්කා ඉඩ­මට පසු­ගිය 26 වැනි දින රාත්‍රී වන­අලි ඇවිත් විනා­ශ­කර ගොස් තිබෙ­නවා. බල­ධා­රීන් මේ ගැන සොයා බලන්නේ නෑ. වන­අලි නිසා අපිට ගොවි­තැ­නක් බතක් කර­ගෙන ජීවත් වෙන්න බැරි තත්ත්ව­යක් උදාවී තිබෙ­නවා. මේ ගැන සොයා බලා වන­අ­ලින්ගේ ආග­ම­නය වැළැ­ක්වී­මට පිය­වර ගන්නා‌ ­මෙන් බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා.”

එල්.එම්.පී. රත්නා­යක (49) රාලලා රොට­වැව, මොර­ගොල්ල – “අපේ ගම ආව­ර­ණය කර ඇති විදු­ලි­වැටේ තිබිය යුතු විදුලි බලයේ ශක්තිය ඇම්පි­යර් 12ක් වුවත් දැන් 02ක් වත් නෑ. ඒ නිසා පහ­සු­වෙන් විදුලි වැට කඩා­ගෙන අලීන් ගොවි බිම් විනාශ කර­නවා. විදුලි වැටේ කනු­වල පර­ත­රය වැඩි නිසා අලින්ට ගම්ව­ලට කඩා වැදීම පහ­සු­වක් වී තිබෙ­නවා. මීටර් 10ක් වත් කැලේ සුද්ධ පවිත්‍ර කළොත් වන­අ­ලින්ගේ පැමි­ණීම අඩු­විය හැකියි. මම දිවා රාත්‍රී දෙකේම රකින නිසා මගේ ගොවි­තැන් ආරක්ෂා වී තිබෙ­නවා. කෙසේ වෙතත් බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටින්නේ වන­අලි ගම්වැ­දීම වැළැ­ක්වී­මට ගොවීන්ගේ සහාය ඇතිව කඩි­න­මින් පිය­වර ගන්නා ලෙසයි.” යැයි පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT