Home » රත්න­පුර රාජ්‍ය ආය­ත­න­වල ඩෙංගු මදු­රු­වන්

රත්න­පුර රාජ්‍ය ආය­ත­න­වල ඩෙංගු මදු­රු­වන්

by Gayan Abeykoon
August 2, 2024 1:04 am 0 comment

කහ­වත්ත නිරෝ­ෂණ පෙරේරා කුරු­විට කේ.ඒ.සුනිල්

රත්න­පුර මහ නගර බල­ප්‍ර­දේ­ශයේ රත්න­පුර පොලි­සි­යත්, ඇහැ­ලි­ය­ගොඩ මහ­ජන සෞඛ්‍ය කොට්ඨා­සයේ රාජ්‍ය ආය­තන කීප­යක් ඩෙංගු මදු­රු­වන් බෝවෙන ස්ථාන ඇති බවට හඳු­නා­ගෙන ඇතැයි රත්න­පුර වසං­ගත රෝග වෛද්‍ය අංශය පව­සයි.

රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටු­වට ද මෙම තත්ත්වය ගැන රත්න­පුර මහ­ජන සෞඛ්‍ය බල­ධා­රීන් මාසික සෞඛ්‍ය වාර්තාව ඉදි­රි­පත් කර­මින් කරුණු සඳ­හන් කර තිබේ.

මෙම තත්ත්වය හේතු­වෙන් පරි­සර පොලි­සි­යට සිදුව ඇත්තේ පොලි­සි­යට එරෙ­හිව නඩු පැව­රී­මට දැයි රත්න­පුර සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී අකිල එල්ලා­වල මහතා විම­සීය.

රත්න­පුර වසං­ගත රෝග වෛද්‍ය­ව­රිය දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට දැනුම් දුන්නේ පොලි­සිය, පාසල්, ඩිපෝව ආදි රාජ්‍ය ආය­තන කීප­යක මදු­රු­වන් බෝවෙන ස්ථාන ඇතැයි මාසි­කව ලබා ගන්නා වාර්තා අනුව වාර්තා වී ඇති බවයි.

එලෙස වාර්තා ලබා නොගන්නා රාජ්‍ය ආය­ත­න­ව­ලද මදු­රු­වන් බෝවෙන ස්ථාන තිබිය හැකි බැවින් ඒ ගැන ද රාජ්‍ය ආය­තන සැල­කි­ල්ලි­මත් විය යුතු බවද මහ­ජන සෞඛ්‍ය බල­ධා­රීන් පෙන්වා දෙති.

ඇහැ­ලි­ය­ගොඩ කොට්ඨා­සයේ රාජ්‍ය කාර්යා­ල­යක හා පාසල් දෙකක ද මදු­රු­වන් බෝවෙන ස්ථාන ඇතැයි මහ­ජන සෞඛ්‍ය බල­ධා­රීන් වාර්තා­කොට තිබේ. රත්න­පුර මහ නගර සීමාවේ රාජ්‍ය ආය­තන හත­ර­කද මදුරු කීට­යින් ඇතැයි හඳු­නා­ගෙන තිබේ .

මේ වසරේ ගතවූ මාස හත තුළ රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ ඩෙංගු රෝගීන් 2030ක් වාර්තා වී තිබේ‍. සති­ය­කට ඩෙංගු රෝගීන් 50ක් පමණ වාර්තා වෙන නිසා මෙම තත්ත්වය වැඩි­වී­මක් නොවු­ණද අවශ්‍ය තර­මට පාල­නය නොවී­මක් බව රත්න­පුර වසං­ගත රෝග වෛද්‍ය­ව­රිය පැව­සු­වාය.

රත්න­පුර මහ නගර සභා බල­ප්‍ර­දේ­ශය, ඇහැ­ලි­ය­ගොඩ, කුරු­විට සහ පැල්ම­ඩුල්ල කොට්ඨා­ස­ව­ලින් පසු­ගිය කාලයේ වැඩි වශ­යෙන් ඩෙංගු වැඩි වී තිබේ.

පාසල් වැනි ස්ථාන සෙන­සු­රාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින­වල නිවාඩු නිසා පිරි­සිදු කිරීම් එම දින­ව­ලදි සිදු­නො­වෙන බවත් ඒ නිසා ගැටලු මතුවී ඇතැයි රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ සභා­පති අකිල එල්ලා­වල මහතා පැව­සීය.

රාජ්‍ය ආය­ත­න­වල කමිටු පත්කර ඩෙංගු මර්දන වැඩ­ස­ට­හන් දිග­ටම ක්‍රියා­ත්මක කරන ලෙසද ඔහු උප­දෙස් දුන්නේය.

බොහෝ රාජ්‍ය ආය­ත­න­වල ඩෙංගු මදු­රු­වන් බෝවන්නේ නොසැ­ල­කි­ලි­මත් බව නිසා නොව ඒ සම්බ­න්ධව විශේෂ අව­ධා­නය යොමු නොවීම නිසා ඩෙංගු මර්දන වැඩ­ස­ට­හන් සක්‍රිය කළ යුතු බව රත්න­පුර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­ප­ති­ව­රයා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT