Home » අවු­රුදු 30 තිස්සේ කිසිදු වැඩ­කට නොගෙන කැලේට හැර­දමා ඇති ඉඩ­මක්

අවු­රුදු 30 තිස්සේ කිසිදු වැඩ­කට නොගෙන කැලේට හැර­දමා ඇති ඉඩ­මක්

by Gayan Abeykoon
August 2, 2024 1:03 am 0 comment

ඇළ­හැර - සරත් වෙල­ගෙ­දර

ඇල­හැර මොර­ග­හ­කන්ද මහ­වැලි කලා­පයේ සරු­බිම ගම්මා­නයේ මැද, සරු­බිම විදු­හල පෙර පාසල ආස­න්නයේ ඇති තේක්ක සහිත අක්කර දෙකක් පමණ ලඳු කැලෑව වසර 30 වැඩි කාල­යක් කිසිදු සංව­ර්ධන වැඩ­කට නොගෙන කැලෑ­වෙ­න්නට හැර දමා ඇති බව ප්‍ර‍ෙද්ශ­වා­සීහු පව­සති.

මහ­වැලි අධි­කා­රිය විසින් ඉඩම් පරී­ක්ෂණ පවත්වා ඉඩම් පරී­ක්ෂ­ණ­යෙන් තෝරා­ගත් පුද්ග­ල­යන් සඳහා ඉඩම බල­පත්‍ර දී වසර 16කට වැඩි කාල­යක් ගත වුවද මෙතෙක් නිවෙ­සක් ඉදි­කි­රීම් සඳහා ඉඩම් කැබැ­ල්ලක් නොදී මෙම ඉඩම් කැලෑ­වට යන්න ඉඩ හැර ඇති බවද සරු­බිම ගම්මා­නයේ ගම්වැ­සි­යන් සහ ඉඩම් බල­පත්‍ර පම­ණක් අතට ගෙන සිටින ගම්වා­සීහු පව­සති.

ඇල­හැර සරු­බිම ගම්මා­නයේ රැකියා විර­හිත තරුණ තරු­ණි­යන්ට රැකියා ලබා දීම සඳහා කර්මාන්ත හෝ ආරම්භ කර කැලෑ­වෙන් වැසි ඇති මෙම ඉඩම සංව­ර්ධන කට­යු­ත්තක් සඳහා හෝ වෙන්ක­රන මෙන් ඇල­හැර ප්‍රදේ­ශයේ ගම්වැ­සි­යන් රජයේ වග­කිව යුතු බල­ධා­රි­න්ගෙන් ඉල්ලී­මක් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT