ඇලහැර මොරගහකන්ද මහවැලි කලාපයේ සරුබිම ගම්මානයේ මැද, සරුබිම විදුහල පෙර පාසල ආසන්නයේ ඇති තේක්ක සහිත අක්කර දෙකක් පමණ ලඳු කැලෑව වසර 30 වැඩි කාලයක් කිසිදු සංවර්ධන වැඩකට නොගෙන කැලෑවෙන්නට හැර දමා ඇති බව ප්රෙද්ශවාසීහු පවසති.
මහවැලි අධිකාරිය විසින් ඉඩම් පරීක්ෂණ පවත්වා ඉඩම් පරීක්ෂණයෙන් තෝරාගත් පුද්ගලයන් සඳහා ඉඩම බලපත්ර දී වසර 16කට වැඩි කාලයක් ගත වුවද මෙතෙක් නිවෙසක් ඉදිකිරීම් සඳහා ඉඩම් කැබැල්ලක් නොදී මෙම ඉඩම් කැලෑවට යන්න ඉඩ හැර ඇති බවද සරුබිම ගම්මානයේ ගම්වැසියන් සහ ඉඩම් බලපත්ර පමණක් අතට ගෙන සිටින ගම්වාසීහු පවසති.
ඇලහැර සරුබිම ගම්මානයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා කර්මාන්ත හෝ ආරම්භ කර කැලෑවෙන් වැසි ඇති මෙම ඉඩම සංවර්ධන කටයුත්තක් සඳහා හෝ වෙන්කරන මෙන් ඇලහැර ප්රදේශයේ ගම්වැසියන් රජයේ වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.