Home » හොරණ අන­තු­රින් පෙම්වතා මරුට පෙම්වතියගේ පියාට බර­ප­ත­ළයි

හොරණ අන­තු­රින් පෙම්වතා මරුට පෙම්වතියගේ පියාට බර­ප­ත­ළයි

by Gayan Abeykoon
August 2, 2024 1:03 am 0 comment

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ, හල්තොට විනීතා මානෙල් ගමගේ

හොරණ පෝරු­ව­දණ්ඩ බොර­ලු­ගොඩ ප්‍රදේ­ශයේ ඊයේ (1) දහ­වල් මාර්ගය අයිනේ කතා­බස් කර­මින් සිටි දෙදෙ­නෙක් වෙතට සුඛෝ­භෝගී මෝටර් රථ­යක් කඩා වැදී­මෙන් එක් අයකු මිය­ගොස් තවත් අයෙක් බර­ප­තළ තුවාල ලැබූ බව හොරණ මූල­ස්ථාන පොලි­සිය කියයි.

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ බුල­ත්සිං­හල හල් වතුර ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවි­රිදි අවි­වා­හක පුද්ග­ල­යෙකි.  අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා ඇත්තේ පෝරු­ව­දණ්ඩ අරු­ණ­ගම ප්‍රදේ­ශයේ පදිංචි 61 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

මිය­ගිය පුද්ග­ලයා එම ප්‍රදේ­ශයේ එළ­වළු වෙළෙ­ඳ­සැ­ලක් ආරම්භ කිරීමේ කට­යු­තු­වල නියැ­ළෙ­මින් සිට ඇති අතර ඔහුට දහ­වල් ආහාර පාර්ස­ල­යක් රැගෙන ඔහුගේ පෙම්ව­තිය ඇයගේ පියා සමඟ ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ ඇතැයි පොලි­සිය කියයි.

දිය­ණිය ත්‍රිරෝද රථයේ පිටු­පස අසු­න්ගෙන සිටි­යදී පියා ත්‍රිරෝද රථ­යෙන් බිමට බැස දිය­ණි­යගේ පෙම්වතා සමඟ ත්‍රිරෝද රථයේ පිටු­ප­සට වී කතා කර­මින් සිටි­යදී හොරණ දෙස සිට ඉංගි­රිය දෙසට ධාව­නය වීමෙන් තිබූ සුඛෝ­භෝගී මෝටර් රථ­යක් වම් අත දිසාවේ පිහිටා තිබෙන අංක 28 බෝක්කුවේ ගැටී රිය­දු­රට පාල­නය කර­ගත නොහැ­කිව මාර්ගයේ ප්‍රති­වි­රුද්ධ දිසාව දකුණු දිශා­වට ගොස් බොර­ළු­ගොඩ සංග­මිත්තා මාව­තට හැරෙන මාර්ගය අසල කතා කර­මින් සිටි පුද්ග­ල­යන් දෙදෙනා වෙතට කඩා­වැදී නතර වී ඇතැයි පොලි­සිය කියයි.  එම අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ පුද්ග­ල­යන් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව එක් අයකු මිය­ගිය බව රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැව­සීය.

අනෙක් පුද්ග­ලයා බර­ප­තළ තත්ත්වයේ පසුවූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවත් රෝහල් ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් පැව­සීය.  අන­තු­රින් මෝටර් රථය සහ ත්‍රිරෝද රථ­යට අලාභ සිදුවී ඇත.

හොරණ මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පී.එස්. පනා­වල මහ­තාගේ උප­දෙස් මත රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක විමල් ආනන්ද පොලිස් සැර­යන් (60503) දිමුතු, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (74802) සම්පත්, (89321) ඉන්දික මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT