පැලවත්ත – රාජගිරිය මාර්ගයේ පාර්ලිමේන්තුව ආසන්නයේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් පෞද්ගලික සරසවියක එක් සිසුවකු මියගොස් තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා තිබේ.
අද පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.
මියගිය තරුණයා වයස අවුරුදු 16 ක අයෙක් වන අතර මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළේය.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටී අනතුරුව ගසක ද ගැටීමෙන් මෝටර් රථය දෙකට වෙන් වී ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෝටර් රථය පළමුව වෑන් රථයේ ගැටී අනතුරුව කොන්ක්‍රීට් කණුවකද ගැටී ගසෙහි ගැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.