රසායනාගාර පර්යේෂණ, පරීක්ෂණ සහ සහතිකකරණ සේවා පිළිබඳ ප්‍රකට ගෝලීය සමාගමක් වන බියුරෝ වෙරිටාස් (Bureau Veritas) සමූහයට අනුබද්ධිත බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සර්විසස් ලංකා (Bureau Veritas Consumer Products Services Lanka) පෞද්ගලික සමාගම, පසුගියදා පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘පරිසරයට සිය දායකත්වය ලබාදෙන හොඳම පෞද්ගලික ආයතනය‘ සඳහා වූ රිදී සම්මානය හිමිකරගැනීමට සමත්විය. එය බියුරෝ වෙරිටාස්හි පරිසර හිතකාමීබව මෙන්ම විවිධ කර්මාන්ත ක්ෂේත්රවලට අයත් සිය පාරිභෝගික ආයතන වෙත ඔවුන්ගේ තිරසර වැඩසටහන් සාර්ථක කරගැනීමට බියුරෝ වෙරිටාස් මගින් ලබාදෙන දායකත්වයට ලද ඇගයීමකි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
තම පාරිභෝගික සමාගම්වල වත්කම්, නිෂ්පාදන, යටිතල පහසුකම් සහ නිෂ්පාදන ක්‍රියාවලි ආදියේ ගුණාත්මක බව, සෞඛ්යාරක්ෂිත බව, පරිසර හිතකාමීබව සහ සමාජ වගකීම තහවුරු කිරීමට බියුරෝ වෙරිටාස් සමාගමෙන් ලැබෙන දායකත්වයට ලද සහතිකයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකිය.
මෙම සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ පාරිභෝගික ආයතනවල තිරසර ඉලක්ක ජයගැනීම වෙනුවෙන් ඔවුන්ට දායක වීමට හැකිවීම අපට විශාල ගෞරවයක්. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ විශාල ඉදිරි ඉලක්ක ප්‍රමාණයක් ද අප සමාගම සතුයි. එවන් පසුබිමක හිමිවුණු මෙම සම්මානය තිරසරභාවය සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් අපගේ නායකත්ව භූමිකාව තවදුරටත් ශක්තිමත් මාධ්‍ය නිවේදනය කිරීමට හේතු සපයනවා. යනුවෙන් බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සර්විසස් ලංකා පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි හර්ෂ වනසිංහ මහතා ප්‍රකාශ කළේය.