Home » දුවව හප්පා පැන්න ලොරිය හඹා ගොස් එල්ලුණු තාත්තාව විදුලි කණු­වක හප්පා මරා දාලා

දුවව හප්පා පැන්න ලොරිය හඹා ගොස් එල්ලුණු තාත්තාව විදුලි කණු­වක හප්පා මරා දාලා

by damith
August 3, 2024 1:20 am 0 comment

බළ­න්ගොඩ - සම්පත් ප්‍රිය­න­න්දන, කහ­වත්ත - නිරෝ­ෂණ පෙරේරා
  • 7හැවි­රිදි දුව රෝහලේ
  • සැක­කාර ලොරි රියැ­දුරු පැන ගිහින්

බළ­න්ගොඩ නග­ර­යේදී පෙරේදා (01) සවස යතු­රු­පැ­දි­යක් අන­තු­රට ලක් කර සත් හැවි­රිදි දැරි­ය­කට තුවාල සිදු කර පලා­ගිය ලොරි රථ­යක් පිටු­පස එම දැරි­යගේ පියා යතු­රු­පැ­දි­යෙන් ලුහු­බැඳ ගොස් එම ලොරි රථයේ රියැ­දුරු අසුන පැත්තේ ඇති වීදු­රුවේ එල්ලී රියැ­දුරු අල්ලා ගැනී­මට උත්සාහ කර තිබෙන අතර, එහිදී ලොරි රථයේ රියැ­දුරු විසින් නැව­තත් ලොරි රථය ඉදි­රි­යට ධාව­නය කර බළ­න්ගොඩ කහ­ට­පි­ටිය මාර්ග­යේදී විදුලි කණු­වක හප්පා එම පියාව ඝාත­නය කර පලා­ගොස් ඇති බව බළ­න්ගොඩ පොලි­සිය පැව­සීය.

පල්ලෙ­බැද්ද, අමි­බැ­විල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වයි.ඒ. තිලිණ රංග­ලාල් නමැති 32 හැවි­රිදි පියකු මෙලෙස මර­ණ­යට පත්ව ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

මෙම දැරිය බල්ලකු විසින් සපා­කන ලදුව පියා සහ මව සමඟ යතු­රු­පැ­දි­යෙන් බළ­න්ගොඩ මූලික රෝහ­ලට පැමිණ එන්නත් ලබා­ගෙන නැවත අමි­බැ­විල ප්‍රදේ­ශය දක්වා යතු­රු­පැ­දි­යෙන් ගමන් කර ඇත. එහිදී නෙල්ලි මිල දී ගැනීම සඳහා බළ­න්ගොඩ නග­රයේ ප්‍රධාන බස් නැව­තු­ම්පොළ හරහා යතු­රු­පැ­දිය ධාවන කර ඇති අතර, එහිදී පැමිණි ලොරි රථ­යක් යතු­රු­පැ­දියේ හප්පා තිබෙන බවත්, එම අන­තු­රින් 7 හැවි­රිදි දැරි­යට තුවාල සිදු කර ලොරි රථය පලා ගොස් ඇති බවත් පොලි­සිය සඳ­හන් කළේය. එම අව­ස්ථා­වේදී දරුවා බළ­න්ගොඩ මූලික රෝහල වෙත ඇතු­ළත් කරන මෙන් මර­ණ­කරු බිරි­යට පවසා පලා ගිය ලොරි රථය පිටු­පස යතු­රු­පැ­දි­යෙන් කිලෝ­මී­ටර් කිහි­ප­යක් ලුහු­බැඳ ගොස් ලොරි රථය ඉදි­රි­යෙන් යතු­රු­පැ­දිය නතර කර රියැ­දුරු අල්ලා ගැනීම සඳහා ලොරි රථයේ රියැ­දුරු ආස­නය පැත්තේ ඇති වීදු­රුවේ සහ දොරේ එල්ලී තිබේ. එහිදී ලොරි රථය ඉදි­රි­යට ධාව­නය කර මොහු විදුලි කණු­වක හප්පා තිබෙන අතර, එහිදී බර­ප­තළ තුවාල ලබා සිටි ඔහු ප්‍රදේ­ශ­වා­සීන් විසින් රෝහ­ල්ගත කිරී­මට කට­යුතු කළද ඒ වන විටත් මිය­ගොස් ඇති බව පොලි­සිය පැව­සීය. පසුව ලොරි රථය නැව­තත් පලා ගොස් තිබේ.

අන­තුර සිදු කළ ස්ථාන­යට ගොස් බළ­න්ගොඩ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍ර­ම­සිංහ මෙන­විය විසින් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ සිදු කරන ලද අතර, බළ­න්ගොඩ මූලික රෝහ­ලට ද ගොස් සිරුර සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ ඊයේ (02) පෙර­ව­රුවේ සිදු කළාය. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යකු ලවා සිදු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය පොලි­සිය වෙත නියෝග කළාය.

අන­තු­රින් තුවාල ලැබූ දැරිය බළ­න්ගොඩ මූලික රෝහලේ පළමු වාට්ටු­වට ඇතු­ළත් කර ප්‍රති­කාර ලබයි. මිය­ගිය පුද්ග­ල­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය බළ­න්ගොඩ මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රිනී අයි.එල්. රත්නා­යක මහ­ත්මිය විසින් සිදු කිරී­මට නිය­මිව තිබිණ. බළ­න්ගොඩ පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දමිත් ජය­කොඩි මහ­තාගේ උප­දෙස් පරිදි රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති අයි.ඒ.එම්. ජය­තිස්ස, නුවන් දර්ශන, සැර­යන් ජය­නාත් යන නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT