Thursday, May 15, 2025
Home » ඇප මුදල් තැම්පත් කළ ගණන 15 දක්වා ඉහළට

ඇප මුදල් තැම්පත් කළ ගණන 15 දක්වා ඉහළට

by chanaka
August 5, 2024 7:52 pm 0 comment

මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 15ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දේශපාලන පක්ෂ මඟින් අපේක්ෂකයින් 9 දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 6 දෙනෙකුද ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.

එසේම ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT