Home » ‘ක්ලබ් වසන්ත‘ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට

‘ක්ලබ් වසන්ත‘ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට

by chanaka
August 5, 2024 12:35 pm 0 comment

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ඉකුත් නඩු දිනයේදී මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නියෝගය පරිදි අද දිනයේදී අදාළ නඩුව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ සු⁣රේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පුතු සහ ඔහුගේ දේහය භාරගත් තැනැත්තා නීති කෘත්‍යය සඳහා අධිකරණයෙහි පෙනී සිටීමට නියමිතය.

මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පසුගිය ජූලි 8 වැනිදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර සැකකරුවන්ගේ ඡායාරූප 03ක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT