Home » මිලියන 82 ක කේරළ ගංජා කැළෑවකින් හමුවෙයි

මිලියන 82 ක කේරළ ගංජා කැළෑවකින් හමුවෙයි

by yasara
August 5, 2024 10:01 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ ඊයේ  (04)  සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් සොයා ගැනීමට හැකිවී තිබෙයි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ  වටිනාකම රුපියල් මිලියන අසූ දෙකකට (82) අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත්  කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලංකාවිල් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT