Saturday, May 3, 2025
Home » කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය යුද හමුදාපති ප්‍රධානත්වයෙන්

කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය යුද හමුදාපති ප්‍රධානත්වයෙන්

by chanaka
August 5, 2024 3:50 pm 0 comment

කමාන්ඩෝ පාඨමාලා අංක – 51 හි විසිර යාමේ පෙළපාලිය පසුගියදා ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම විසිර යාමේ පෙළපාලියේ දී වසරකට ආසන්න අති දුෂ්කර පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිලයන් 125 දෙනෙකු විශිෂ්ටයන් පමනක් පලදින ‘මෙරූන් හිස්වැසුම’ පැලදීමට භාග්‍ය හිමිකරගන්නා ලදී.

මෙහිදී පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට හිමි සම්මානය ලුතිනන් ජී.සී.ඩී කාරියවසම් විසින් හිමිකරගත් අතර, දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ලුතිනන් ඊ.ඩී.සී ද සොයිසාටද, හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු සෙබලාට හිමි සම්මානය සාමාන්‍ය සෙබල පී.කේ.කේ.එස්. කුමාර විසින්ද හිමිකර ගනු ලැබීය.

මෙම විසිරයාමේ පෙළපාළිය තූර්ය වාදක සංදර්ශනයක්‍, රැප්ලිං සංදර්ශනයක්‍, ත්‍රස්ත මර්ධන ක්‍රියාන්විත නිදසුන්, කමාන්ඩෝ සුනඛ (K9) සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසකින් වර්ණවත් වු අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන‍්, පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරින් සහ සෙබළුන්ගේ දෙමාපියන් සහ සමීපතම ඥාතීන් විශාල පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT