ආසියානු කාන්තා ක්‍රිකට් ශුරතාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ සැරයන් ඩිඑම්එස්එම්කේ දසනායක, සැරයන් ඩබ්ජිඑස්කේ කුලසුරිය, සැරයන් එන්එන්ඩී සිල්වා සහ ලාන්ස් කෝප්‍රල් එම්ඒඒ සංජීවනි යන යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මුල්‍ය ආධාර ලබාදීම අද (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේදි සිදු කෙරිණි.
එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ක්‍රිඩිකාවන්ට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සුභ පැතුම් එක්කල අතර, එම තරඟාවලියේදි ඔවුන් දැක්වූ විශිෂ්ඨ දස්කම් සහ කැපවීම ඇගයිමට ලක්කරන ලදී. මව්බිම වෙනුවෙන් තවත් ජයග්‍රහණ ලබමින් ශ්‍රි ලංකා නාමයත් යුද්ධ හමුදා නාමයත් බැබලිමට ඉදිරියේදීත් කටයුතු කරන්නැයි ආශීර්වාද එක්කල යුද්ධ හමුදාධිපතිතුමන් එම ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනයට අවශ්‍ය පහසුකම් පිළිබඳව ද විමසා බැලුවේය.