Home » ජනපතිට සහාය දෙන නව සන්ධානයේ නායකයා දිනේෂ්

ජනපතිට සහාය දෙන නව සන්ධානයේ නායකයා දිනේෂ්

-ඉදිරි දින කිහිපයේදී තවත් පක්ෂ එක් වෙයි

by sachintha
August 6, 2024 1:03 am 0 comment

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල එකතුවෙන් බිහිවන නව දේශපාලන සන්ධානය මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට තීරණය කර තිබේ.

මෙම නව සන්ධානය බිහි කිරීමට අදාළ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩී ගිය පාර්ශ්වයන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම, සමගි ජන බලවේගයෙන් කැඩී එන කණ්ඩායම, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ ගණනාවක් මේ වන විටත් ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන බව සඳහන් කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට නියමිතව ඇති හෙයින් එම සියලු පක්ෂ හා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම නව සන්ධානය එළිදැක්වීම සිදුවනු ඇතැයි ද එම දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT