Home » අම්පාර දිස්ත්‍රික්කයේ පිල්ලෙයාන්ගේ පක්ෂයේ

අම්පාර දිස්ත්‍රික්කයේ පිල්ලෙයාන්ගේ පක්ෂයේ

-සහායත් ජනපති රනිල්ට

by sachintha
August 6, 2024 1:42 am 0 comment

පිල්ලෙයාන්ගේ TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික්කයේ සහායත් ජනපති රනිල් වික්‍රමසිංහට හිමි වෙයි. තමිල් මක්කල් විඩුතලෛ පුලිකල් පක්ෂයේ (TMVP) අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන්ගේ සහායත් ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යැයි TMVP පක්ෂයේ නායක, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා එසේ පැවසුවේ අම්පාර කාරතිවුහි පැවති පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

පක්ෂයේ විධායක කමිටුව මෙවර මැතිවරණයේ දී නැඟෙනහිර පළාතේ සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

පසුගිය ජූනි 23 වැනි දින මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විධායක කමිටුවේ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් සමඟ සාකච්ඡාවකද නිරත වූහ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT