සමනල වැව ජලාශයේ ජල කාන්දුවේ වේල්ල අසල දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී පෙරේදා (04) සවස මියගොස් ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
විනෝද චාරිකාවක් සඳහා පැමිණි කණ්ඩායමක් මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මොහු මෙලෙස දියේ ගිලී ඇත. වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි කමල් ප්‍රසංග නමැති 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් තිබේ. මොහු දියේ ගිළුණු පසු අනික් පිරිස විසින් ගොඩටගෙන පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් මියගොස් ඇති බව පොලිසිය පැවසීය. සිරුර පඔහින්න රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
බලන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන
කහවත්ත – නිරෝෂණ පෙරේරා