151
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ධුරයට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කර තිබේ.
පසුගිය 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මේ පත්වීම දී ඇති අතර, ඒ මහත්මිය එදින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 11 වැනි සභාපති ලෙස එම වගකීම භාරගෙන ඇත. මීට පෙර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා කටයුතු කළ අතර, ඔහුගේ නිල කාලය අවසන් වීමත් සමඟ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නව සභාපතිනිය ලෙස පත් කර තිබේ.
නෙත්මි පූජනී රත්නායක