Home » අසාමාන්‍යතා සහිත දරුවන් හඳුනාගැනීමේ හා සංවර්ධනය කිරීමේ වැඩසටහන මහනුවරින් ඇරඹේ

අසාමාන්‍යතා සහිත දරුවන් හඳුනාගැනීමේ හා සංවර්ධනය කිරීමේ වැඩසටහන මහනුවරින් ඇරඹේ

by sachintha
August 6, 2024 1:58 am 0 comment

අසාමාන්‍යතා සහිත දරුවන් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගත් අගෝස්තු මස ප්‍රවර්ධන සමාරම්භක උත්සවය සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා (03) පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ අසාමාන්‍යතා සහිත සංවර්ධනය නොවූ දරුවන් හඳුනාගෙන පරීක්ෂාවට ලක් කර ප්‍රතිකාර සේවාවන් ලබා දී එම දරුවන්ගේ මනස දියුණු කර ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. දැනට මෙම ව්‍යාපෘතිය කොළඹ, ගම්පහ, නුවර, මඩකළපුව සහ කළුතර වශයෙන් දිස්ත්‍රික්ක 05ක ක්‍රියාත්මක වේ. මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන තව තවත් ජනප්‍රිය කිරීමේ අරමුණින් අගෝස්තු ‌මාසය “Include Month” ලෙස නම් කරමින් එහි සමාරම්භක ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා (03) ක්‍රියාවට නැංවීය.

සංවර්ධනය ආශ්‍රිත කිසියම් ගැටලු සහිත දරුවන්ට සේවා සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යාංශය අවධානය යොමු කරමින් 2020 වසරේ “අන්තර්කරණ මුල් ළමාවිය වැඩසටහන”(Inclusive Early Childhood Development programme) නමින් මෙම වැඩසටහන ආරම්භ කරන්නට යෙදුණු අතර, මෙහිදී සියලු දරුවන්ට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් සමග සංවර්ධන ප්‍රමාදයන් හෝ සංවර්ධන ගැටලු සහිත දරුවන්ට තවදුරටත් ප්‍රතිකාර සේවාවන් කොටසක් සැපයීමට කටයුතු කරයි. ඒ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරු, භෞතවේද, භාෂා කථනවේද සහ වෘත්තීයමය චිකිත්සක ඇතුළු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන අතර, එමඟින් ඉහත දරුවන් ඇගයීමකට ලක් කර, ගැටලු හඳුනාගෙන ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ මොළය සංවර්ධනය කිරීමට අදාළ උපදෙස් මවුපියන්ට ලබාදෙයි.

ගලහ සෞඛ්‍ය ‌ෛවද්‍ය නිලධාරී කාර්යාලය කේන්ද්‍ර කරගෙන පැවති මෙම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ගලහ සෞඛ්‍ය ‌ෛවද්‍ය නිලධාරී කොට්ඨාස 14 ක මොළය සංවර්ධනය නොවූ ළමුන් 30 ක් පමණ සහභාගි කරගෙන තිබිණි.

සෑම පුද්ගලයෙකුගේම සම්පූර්ණ අනන්‍යතාව රඳා පවතින්නේ එම පුද්ගලයාගේ මොළය මත වන අතර, මොළය සංවර්ධනය සියයට 80 ක්ම ශීඝ්‍රයෙන් සිදුවන්නේ උපතේ සිට පළමු වසර 03 තුළදීය. මෙම කාලය තුළ දරුවන් රැකබලා ගැනීම, සංවර්ධනයට අවශ්‍ය පාරිසරික සාධක ලබාදීම සහ සංවර්ධනයේ යම් කිසි ගැටලු, ප්‍රමාදයන් තිබේ නම් ඒවා හඳුනා ගැනීමටත්, මවුපියන්ගේ සහ ප්‍රජාවගේ විශේෂ අවධානයක් තිබිය යුතුය. එමඟින් ඉහත ගැටලුව නිරාකරණය කර ගත හැකි වනු ඇත.

සෑම දරු‌‌ෙවක්ම එක් එක් වයස් කාණ්ඩවලදී නිසි මානසික සංවර්ධනයේ ලක්ෂණ, ක්‍රියාකාරකම් පෙන්විය යුතු අතර, එම ක්‍රියාකාරකම් නිරීක්ෂණය සහ හඳුනා ගැනීම මඟින් අසමාන්‍යතාවන් ‌‌ෙව් නම් ඒ තුළින් රෝගී දරුවන් ‌ෙවන් කර හදුනා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ද අධීක්ෂණය යටතේ ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා යොමු කළ හැකිය.

මෙම අවස්ථාවට මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය ‌ෛවද්‍ය නිලධාරී ‌ෛවද්‍ය අරුණ එගොඩවත්ත මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT