Wednesday, May 7, 2025
Home » වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

by yasara
August 6, 2024 12:02 pm 0 comment

නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ඊයේ ( 05 ) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙයි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සවුත්බාර් ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරයි.

එම වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු, විදුලි නොවන ඩෙට‍නේටර්, C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT