Tuesday, May 6, 2025
Home » බංග්ලාදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කෙරේ

බංග්ලාදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කෙරේ

by yasara
August 6, 2024 12:25 pm 0 comment

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි

මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටින බවත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග පවතින මිත්‍රත්වය අගය කරන අතර එහි ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

බංග්ලාදේශයට සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඒ සඳහා ශක්තිය ප්‍රාර්ථනා කරන බවද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT