තමාගේ ඇස්වලට අවශ්‍ය බෙහෙත් වර්ගයක් මිලදී ගැනීම සඳහා බිරියගේ කාඩ් පතින් රුපියල් අටදහසක් ලබා ගැනීම සඳහා පුද්ගලයකු වැල්ලම්පිටියේ පිහිටි ATM යන්ත්‍රයක් වෙත තම බිරියත් සමඟ ඊයේ (5) පෙරවරුවේ ගොස් ඇති අතර, ඔහුට කාඩ් පතින් ගනුදෙනු කර ගැනීම අපහසු කරුණක් වූ බැවින් වෙනදා මෙන්ම අසල සිටි තරුණයකුගෙන් කාඩ් පත ඔහු අතට දී උදව්වක් ඉල්ලා ඇත්තේ, Òපුතා මට මේකෙන් රුපියල් අටදාහක් අරන් දෙන්න පුළුවන්දැයිÓ අසමිනි.
එම තරුණයා කාඩ් පත යන්ත්‍රයට ඇතුළු කොට රහස් අංකය ද අසාගෙන මොහොතකින් Òඔන්න අන්කල් සල්ලියි කාඩ් එකයි අරගන්න මට පරක්කු වෙනවා මම යනවා.Ó කියා පිටත්ව ගොස් තිබුණි. කාඩ් පත අයිතිකරු යන්ත්‍රය පරීක්ෂා කර බලන විට මුදල් හෝ කාඩ් පත එහි තිබී නැත. පසුව අසල සිටි කිහිප දෙනකු ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව අයිතිකරු ආසන්නයේ තිබූ වෙනත් බැංකු ශාඛා වෙත ද ගොස් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර, සොරා එම කාඩ් පත යොදාගෙන එම මොහොතේම කොමර්ෂල් බැංකුවේ ATM කොටිකාවත්ත ශාඛාවෙන් රුපියල් ලක්ෂයක් ද, ලංකා බැංකු ශාඛාවකින් විසිහතර දහසක් ද ලබාගෙන ඇති බව පසුව අනාවරණය වී ඇත. ඒ වන විටත් කාඩ් පතේ ඉතිරිව තිබී ඇත්තේ රුපියල් දෙදහසක මුදලක් පමණි.
මෙම යුවළ වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණ සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ