Thursday, May 8, 2025
Home » තත්පර දශමයටත් අඩුවෙන් නෝවා ලොව වේගවත්ම මිනිසා වෙයි

තත්පර දශමයටත් අඩුවෙන් නෝවා ලොව වේගවත්ම මිනිසා වෙයි

by sachintha
August 6, 2024 1:38 am 0 comment

පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත් අමෙරිකාවේ නෝවා ලයිල්ස් ලොව වේගවත්ම මිනිසා බවට දශමයටත් වඩා අඩු කාලයකින් පත්වෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම් කාලය උදාවෙද්දී පැවති තරගයේදී නෝවා ලයිල්ස් තත්පර 9.784ක කාලයක් වාර්තා කළ අතර, එය රිදී පදක්කම දිනාගත් කිෂාන් තොම්සන්ට වඩා තත්පර දශම 0.005ක වෙනසක්වීම පුදුමසහගත එකක් විය. කිෂාන්ගේ කාලය තත්පර 9.789ක් වූ අතර, ලෝකඩ පදක්කම දිනාගත් අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි තත්පර 9.81ක කාලයක් ගත කළේය.

තරගයේ විස්තර ප්‍රකාශකයන් සඳහන් කළේ මෙය මීටර් 99කින් අවසන් වූ තරගයක් නම් ප්‍රතිඵලය මෙයට වඩා වෙනස්වනු ඇති බවය.

මීටර් 100 ධාවන ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තත්පර 10 ට අඩුවෙන් අවසන් මහා තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් අට දෙනාම තරගය නිමා කිරීම ද විශේෂත්වයකි.

ප්‍රින්ස් ගුණසේකර

ප්‍රංශයේ පැරිස් නුවර සිට..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT